Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ පාතාලය ඒදා සිට අද දක්වා

 


මධුෂ් ලක්ෂිත් හෙවත් මාකඳුරේ මදුෂ්ගේ මරණයත් සමඟින් ගොඩක් ය ගැන පාතාල ලෝකය පිළිබඳව අවදානය යොමු උනා. නාවල නිහල්ගෙන් පටන් මාකඳුරේ මධුෂ් දක්වා විහිනුන පාතාලය ගැන පොඩ්ඩක් හොයලා බලමුද..?

නාවල නිහාල්ටවත් ඔළුව නැමුවෙ නැති කවුද මේ පාමංකඩ පොඩි අශෝක.
ඇත්තෙන්ම පාමංකඩ පොඩි අශෝක පාතාල චරිතයක්ද?
එසේ නොවේනම් අශෝකගේ විශේෂත්වය කුමක්ද?
එය විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණකි. ඒ අරබයා එදා පාමංකඩ පොඩි අශෝක සමඟ කෑව, බීව, ගමන් බිමන් ගිය සමකාලීනයෙක් මට හමුවිය. අශෝකගේ යට ඇඳුම් පවා සේදූ ඔහු විටෙක පාමංකඩ පොඩි අශෝකට දේවත්වයෙන් සලකන්නට විය. හුදු පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු වස් ඔහු කවුදැයි අනාවරණය නොකරමි. මේ ඔහු සමඟ පාමංකඩ පොඩි අශෝක යන චරිතය කෙබඳුදැයි කළ සංවාදයකි.





පාමංකඩ පොඩි අශෝක කොයි වගේ කෙනෙක්ද?
අශෝක කියන්නේ කියන්නේ පතාල ලොකේ එදා මෙදා තුර බිහි නොවෙච්ච චරිතයක්. අපිත් හොඳ වැඩකාරයෝ දැක්කා. ඒත් අශෝක වගේ මිනිහෙක්ව දැක්කේ නැහැ. පාතාලේ කප්පම් ගන්න, කුලියට මිනී මරන අයට විරුද්ධව ආයුධ අතට ගත්ත කෙනෙක්. කොටින්ම කියනවානම් උම්බලකඩ කෑල්ලක්වත් කාපු නැති කෙනෙක්. ඒ කාලේ පාතාලේ කවුරුත් අශෝකට බයවෙලා හිටියේ. ඒ කාලේ පාමංකඩ පොඩි අශෝකගේ නම මුළු ලංකාවම දැනගෙන හිටියා. ඒත් පුද්ගලයා කවුද කියලා දන්නෙ නැහැ.

එක එක කට්ටිය, එක එක ප්‍රශ්න විස ¼ දාගන්න අශෝක ළඟට ආවා. චණ්ඩියෙක් බලෙන් නංගිව දූෂණය කළාම සමහර අයියා හරි මල්ලි හරි අශෝකට ඇවිල්ලා කියනවා. අශෝකට ඒවා වාවන්නේ නැහැ. අශෝක හරි සංවේදී මනුස්සයෙක්. අන්තිමේදී අශෝක උන්ට විරුද්ධව ගේමට බැස්සා. චණ්ඩිකමෙන්, ගේම් ගහපු කැත වැඩ කරපු ඔක්කොටම අශෝක පනිෂ්මන්ට් දුන්නා.

ඒ කාලෙ පාතාල නායකයෝ ගොඩාක් අශෝකට බයවෙලා හිටියේ. ෆේස්ටු ෆේස් නාවල නිහාල් එක්ක හැප්පුණු එකම පුද්ගලයා අශෝක. අශෝක නාවල නිහාල්ට මූණට කීවා මරනවා කියලා. ඒකට නාවල නිහාල් තක්බීර් වෙලා හිටියෙ. නාවල නිහාල් ජීවිතය බේරගන්න අන්තිමේදී නතර වුණේ ඉතාලියේ නාපොලි නුවරය.

ඇයි නාවල නිහාල් මරන්න අශෝක උත්සාහ කළේ?
කොල්ලන්ගෙ අතට ආයුධ දීලා මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, සංස්කෘතියක් එක්ක පාතාල මාෆියාව නිර්මාණය කළේ නාවල නිහාල්. හැදෙන පරපුර ඒ තත්ත්වයට ඇදලා දැම්ම නිසා අශෝක නාවල නිහාල් එක්ක හිටියේ බද්ධ වෛරයෙන්. දවසක් මාදින්නාගොඩ සුගතුයි,අශෝකයි නාවල නිහාල් මරන්න නුගේගොඩ හන්දියේ රැකලා හිටියා. ඒත් එදා නාවල නිහාල් එක්ක කාරකේ ගියේ අශෝක අඳුනන කෙනෙක්. එයා පොලිසියේ ඉ.ධ්. මහත්තයෙක්. මුලින්ම කාරකෙන් බැස්සේ එයා. අශෝකට එයාව දැකලා පුදුම හිතුණා. සුගත්ට හිමින් කිව්වා අපි මෙතැනින් යමු කියලා. නැත්නම් එදා නාවල නිහාල්ව අනිවාර්යයෙන් මරනවා.

ඒ කාලේ අශෝක ආශ්‍රය කළේ කොයි වගේ අයද?
අශෝක මිනිස්සු හොයාගෙන ගියේ නැහැ. මිනිස්සු අශෝකව හොයාගෙන ආවා. චණ්ඩි පවා අශෝකට සලකන්න පටන් ගත්තා. අශෝකව මුළු ලංකාවම දන්න නමක් බවට පත්වුණා. ඇමැතිවරු පවා අශෝකව ළඟට ගන්න හැදුවා. සමහර ඇමතිවරු අශෝක හඳුනගන්න පුදුම ආසාවෙන් හිටියේ. ඒත් එක ඇමැතිකෙනෙක් ළඟටවත් අශෝක බාල්දු වෙන්න ගියේ නැහැ.හැබැයි පාමංකඩ පොඩි අශෝක බර්නාඩ් සොයිසා මහත්තයාට පොඩි සැලකීමක් තිබ්බා. ඒත් එක්කම ලංකාවේ හොඳ ප්‍රසිද්ධ චරිත අශෝක ආශ්‍රය කළා. මාදින්නාගොඩ අනිල්, සොත්ති උපාලි, කඩුවෙල වසන්ත වගේ කට්ටිය. ඒත් අශෝක කියන්නේ ඒ හැමෝටම වඩා බේ්‍රව් මිනිහෙක්. සමහර පාතාල නායකයෝ වගේ සෙනඟ පිරිවරාගෙන 'කලර්ස්' දැම්මේ නැහැ. හැබැයි එක විසිල් පාරෙන් කොල්ලෝ දෙතුන් සීයක් ගේන්න පුළුවන් පුදුම බලයක් අශෝකට තිබ්බා.

අනිත් එක අශෝක දැක්කොත් කවුරුත් හිතන්නේ නැහැ. මෙයාද පාමංකඩ අශෝක කියන්නේ කියලා. හරියට පන්සලක හාමුදුරු කෙනෙක් වගේ. වචන දහයක් කතාකරන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙත් වෙපන් දෙකක් නම් ඉණේ තිබ්බා. අශෝක ළඟ හිටපු හොඳම වැඩකාරයා තමයි මාදින්නාගොඩ සුගත්. දෙන්නාම නියම ෂූටර්ලා. දෙන්නා ගෑනියි මිනිහයි වගේ එකට හිටියේ. පසුකාලීනව, පාමංකඩ පොඩි අශෝක මංකොල්ලකෑම්වල නිරත වෙනවා නේද? ඔව්, අශෝක මංකොල්ලකෑවා. හැබැයි තියෙන තැන්වලින්. යහළුවන්ගේ දැවෙන ප්‍රශ්න විසඳන්න. දවසක් අශෝක කිරුළපනේ ඇවිදගෙන යනකොට ගෙදරක කන්න, නැතිව බඩගින්නේ ළමයිනුයි පවුලේ කට්ටිය අඬනවා. අශෝක මේක දැකලා යහළුවෙක්ගෙන් සල්ලි කීයක් හරි ඉල්ලුවා. ඒත් එදා අශෝකට ඒ යහළුවගෙන් සල්ලි හම්බවුණේ නැහැ. ඊට පස්සේ සුගත් එක්ක ට්‍රේල් බයිසිකලේ ගිහිල්ලා වැල්ලවත්තෙ සිගරැට් ඒජන්සිය මංකොල්ලකෑවා. ඒ සල්ලි අරන් ඇවිත් ඒකෙන් රුපියල් දාහක් උඩ සාක්කුවේ දාගෙන ඉතුරු සල්ලි මිටියම අර ගෙදරට දුන්නා. හැබැයි ඒ කට්ටිය බයවුණා සල්ලි ගන්න. අශෝක සල්ලි මිටිය ගේ ඇතුළට විසිකරලා ආවා. අශෝක කියන්නේ ඒ වගේ පුදුම චරිතයක්.

නාරාහේන්පිට අරක්කු කොම්පැනියක් මංකොල්ලකෑවේ අශෝකයි, සුගතුයි. ඒක මංකොල්ල කෑවේ කපිල කියලා ළඟම හිටපු යහළුවෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න. ඒ කාලේ කපිලගේ අම්මා හිටියේ රට, කපිල කිව්වා අශෝක අයියේ අම්මා එන්න ඉස්සෙල්ලා ගේ හදාගන්න ඕනේ කියලා. එදා නාරාහේන්පිට අරක්කු කොම්පැනියෙ ලක්ෂ 5 1/2ක් මංකොල්ල කාලා කපිලගේ අතට ලක්ෂ පහක් දුන්නා ගේ හදාගනින් කියලා. ඉතුරු පනස්දාහෙන් මට දාහයි, ලෙස්ලි කියලා තව එකෙක් හිටියා උෟට රුපියල් දාහක් දුන්නා. ඉතුරු ටික තමයි අශෝකයි සුගතුයි ගත්තේ. අශෝක ගොඩාක් ප්‍රශ්නවලට පැටලුණේ යහළුවෝ නිසා.

පාමංකඩ පොඩි අශෝකගේ නම ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ, දෙල්කඳ හන්දියේ හයදෙනෙක් මරපු සිද්ධියට. මොකක්ද ඒ සිද්ධිය. ඒක ලොකු කතාවක්. එදා ඉරේෂ්, බෙල්ලන්තොට ඩිලන්ත ඇතුළු හයදෙනෙක් අශෝක අතින් මැරුම් කෑවා. ඩිලන්තල අශෝකලා ඉස්සර හිටියේ එකට. ඒ අතර හිටියා නෞෂාඩ් කියලා කොල්ලෙක්. නෞෂාඩ් පටන්ගත්තා මල් (ගංජා) විකුණන බිස්නස් එක.

ඩිලන්ත ළඟට ආපු ගැන්සි ඔක්කොම නෞෂාඩ්ගේ පොට් එකට බහින්න පටන් ගත්තා. එතකොට ඩිලන්ත බයවුණා. නෞෂාඩ් ඉස්සරහට ඒවි කියලා. ඩිලන්තලා එකතු වෙලා නෞෂාඩ්ව මැරුවා. ඒකට අශෝකට මල පැන්නා. එකට ඉඳගෙන කකා බිබී, හිටපු නෞෂාඩ් මරපු කැත වැඩේට අශෝක කිව්වා ඩිලන්තව මරනවා කියලා. හැබැයි අශෝක කිව්වොත් කිව්වා තමයි. ඩිලන්ත ඒක හොඳටම දැනගෙන හිටියා. ඩිලන්ත ඒකට මර බයෙන් හිටියේ. ඩිලන්ත ඉක්මන් වුණා අශෝකට දෙල්කඳ බෝගහ හන්දියෙදි නිලන්තලා වෙඩි තිබ්බා. අශෝක බඩවැල් බොකු අතේ තියාගෙන වාහනයකට නැඟලා කළුබෝවිල ඉස්පිරිතාලෙට ආවා. හැබැයි ඩිලන්තලා හිතුවේ අශෝක මැරුණා කියලා. ඊට පස්සේ අශෝක කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ඩිලන්තලාට ආරංචි වුණා. ඩිලන්තලා ප්ලෑන් කළා අශෝකව හොස්පිට්ල් එකේදි මරන්න. ඒත් ඊට ඉස්සෙල්ලා අශෝකගේ යහළුවෝ දෙතුන් සීයක් විතර ඉස්පිරිතාලේ වටලලා බලෙන් අශෝකව අරගෙන ඩොක්ටර්ස්ලා උස්සන් ගිහිල්ලා මාදින්නාගොඩ තියාගෙන බෙහෙත් කරලා ජීවිතය බේරාගත්තා. මේ වෙනකොට තමයි අශෝකගේ ළඟ හිටපු මාදින්නාගොඩ සුගත්ව, ඩිලන්තලා මරන්නේ. වෙපන් ඩීල් එකකට නුගේගොඩට එන්න කියලා සුගත්ට ඩිලන්තලා වෙඩි තිබ්බා. සුගත් වෙඩි කාගෙන මරගාතේ නැග්ගේ පාරේ යන ආමි බස් එකකට. සුගත් ආයිත් බස් එකෙන් බිමට බැස්සා. එතකොට ඩිලන්තලා ආයිත් සුගත්ට වෙඩි තියලා මරලා දැම්මා.

ඒ මරණය අශෝකගේ ජීවිතය නැතිවුණා වගේ වැඩක් වුණා. ඊට පස්සේ අශෝක හොඳ වෙලා කිරුළපන ඇවිත් ටි-56 ආයුධයට වැල අතට ගත්තා. මේ හැම දෙයක්ම අත්හැරලා ඉන්න හිටපු මාව ආයිත් මුන් මිනීමරුවෙක් කළා. ආයිත් මම මේ ආයුධය අත්හරින්නේ නැහැ කියලා අශෝක යහළුවන්ගේ ඉස්සරහපිට කිව්වා. මේ වෙනකොට අශෝකව මරන්න ඩිලන්තලා, සමහර ඇමැතිලා ෆුල් ට්‍රයි එකේ හිටියේ. ඔය අතරතුර තමයි ඩිලන්තලා, ඉරේෂ්ලා ආයුධ දාගෙන අශෝකව මරන්න දෙල්කඳ හන්දියේ ඉඳලා රත්තනපිටිය පාරේ කාර් එකකින් යන ගමන් හිටියේ. ඒක අශෝකට ආරංචි වුණා. අශෝකලා ජයසිරිගේ ඩොල්ෆින් වෑන් එකේ ඩිලන්තලාව ෆලෝ කළා. හරියටම දෙල්කඳ හන්දියේ රත්තනපිටියේ පාරේ මීටර් දෙසීයක් විතර යනකොට අශෝකලා ඩිලන්තලාගේ කාර් එක දැක්කා.

අශෝක වාහනේ උඩට නැඟලා කකුල් දෙක අල්ල ගන්න විතරයි කිව්වේ. ටි-56 බර බර ගාලා හයදෙනාටම ඇල්ලුවා. උන්ට හෙල්ලෙන්න වෙලාවක් වත් ලැබුණේ නැහැ. උන් හය දෙනාම එතන මැරෙනකොට හයදෙනා අතේම වෙපන්ස් තිබ්බා. අශෝකත් එක්ක ආපු කට්ටිය ඒ වෙපන්ස් ගන්න හදනකොට අශෝක කිව්වා එක වෙපන් එකක්වත් ගන්න එපා කියලා. මැරුණු වුන් සත්ගුණවත් අය නොවේ කියලා ලෝකයා දැනගන්න ඕනේ කියලා අශෝක ඒ වෙලාවේ කීවා.


ඊට පස්සේ පාමංකඩ පොඩි අශෝක පොලිස් අත්අඩංගුවට පත්වෙනවා නේද?
නැහැ. පොලිසියට අශෝකව අල්ලගන්න බැරිවුණා. ඒත් අශෝක ගම දාලා ගියේ නැහැ. එයාගේ නම මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වුණාට පුද්ගලයා වශයෙන් දන්නේ නැහැ. හයදෙනා මරපු කේස් එකෙන් පස්සෙ අශෝකට දුටු තැන අල්ලන්න. වරෙන්තු නිකුත් කරලයි තිබ්බේ. එහෙම තියෙද්දිත් අශෝක ගමේ එහේ මෙහේ ගියා. දවසක් පොලිසි පහක් විතර මුළු ගමම වටලලා අශෝකව හොයලා රේට් කළා. අශෝක පාරේ අයිනේ හිටගෙන ඉන්නවා. ගමේ කවුරුත් අශෝකව පාවලා දුන්නේ නැහැ. ඒ අශෝකට බයට නෙවේ. අශෝකට තියෙන ආදරේට.අන්තිමේදී අශෝක තීරණය කළා මේ හැම දෙයක්ම අතහැරලා දාලා තපස් රකින්න කැලෑවට යනවා කියලා. ඒ කර්තව්‍ය කරන්න, අශෝකට පවුල ජීවත් කරන ආදායම් මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ කාලේ සාජන්ට් නල්ලතම්බි නාට්ටිය පෙන්නලා ඒ සල්ලිවලින් අශෝකට උදවු කරන්න ප්‍රසිද්ධ නළුවෙක් ඉදිරිපත් වුණා. ඒත් එන්න එන්නම අශෝකට ෆෙෂර් එක වැඩි වුණා. ඊට පස්සේ අශෝක තීරණය කළා පොලිසියට භාර වෙන්න.

අශෝක හිරගේ ඇතුළෙදී භාවනා කරලා රැවුල වැවුවා. තපස් ජීවිතයක් තමයි ගත කළේ. මස්, මාළු, උම්බලකඩ කෑල්ලක්වත් කෑවේ නැහැ. එළවළුයි බත් විතරයි. විසිට් එකට කෑම ගේන කට්ටියට කෑම ගේන්න එපා කීවා. හඳුන්කූරු, පොල්තෙල්, පහන්තිර තමයි විසිට් එකට ඉල්ලුවේ. අශෝක හිටියේ සෙල් වහලා. ඒ කාමරේ හරියට බුද්ධ කුටියක් වගේ. ගාඩ්, ජේලර් මහත්වරු පවා අශෝක හිටපු කාමරේට ගියේ සපත්තු ගලවලා. හිර ගෙදර මහත්වරුන් පවා අශෝකට පුදුම භක්තියකින් සැලකුවා.මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනයට අශෝක සම්බන්ධ බවට රාවයක් තිබුණා. එහි සත්‍යතාවක් තියෙනව අපෝ නැහැ. ඒක අමූලික බොරුවක්. කවදාවත් අශෝක කුලියට දේශපාලකයන්ගෙ වුවමනාකම්වලට මිනී මැරුවේ නැහැ. ගමට වධ කරපු, දහජරා වැඩ කරපු, විසබීජ චරිත තමයි අශෝක අතින් මැරුම් කෑවේ. නැත්නම් අශෝකට කවුරුත් අඩෝවත් කියලා නැහැ. ඔය සොත්ති උපාලිලා, මොරටු සමන්ලා, බැද්දගාන සංජීවලා අශෝකට පුදුම බයකින් හිටියේ. මොකද වුන් වැරැදි වැඩ කරපු උන්.

අශෝකට මර බයෙන් උන් කොච්චර ඇවිල්ලා ඇප දැම්මද?
එතකොට රෝහණ කුමාර ඝාතනය කළේ කවුද?
ඒක ප්‍රසිද්ධ නළුවකුගේ ඕනෑකමකට සිද්ධවුණු මර්ඩර් එකක්. ඒ නළුවා හිටපු දේශපාලන චරිතයක දකුණු අතක් විදියටයි හිටියේ. ඒ දේශපාලන චරිතය මොකක්දෝ ලොකු ඩීල් එකක් දාලා තිබ්බා. කොහොම හරි රෝහණ කුමාර ඒක රෙකෝඩ් කරලා තිබ්බා. ඒක මාධ්‍යයෙන් එළියට දාන්න තමයි හිටියේ. ඊට ඉස්සෙල්ලා අර නළුවා බැද්දගාන සංජීවට කොන්ත්‍රාත්තුවක් දීලා තමයි රෝහණ කුමාරව මැරෙව්වේ. හැබැයි අශෝක මේ හැම දෙයක්ම දැනගෙන හිටියා. ඒ විතරක් නෙවේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය ගැනත් අශෝක තොරතුරු දැනගෙන හිටියා. එයා මේ හැම කතාවක්ම ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්ට කීවා. එයා ඒක ගෙඩිය පිටින් පත්තරේ දැම්මා. අශෝකගේ මරණයට මේ හැම දෙයක්ම හේතුවෙන්න ඇති.

පාමංකඩ පොඩි අශෝක දෙල්කඳ උසාවි සංකීර්ණයේදී ඝාතනය වෙනවා. මොකක්ද ඒ සිද්ධිය? ඒකට ප්‍රබල දේශපාලනඥයෙක් ඍජුව සම්බන්ධ වුණා. නාවල නිහාල් ඒ ගේමට ෆුල් සපෝට් එක දුන්නා. උසාවිය ඇතුළේ එකෙකුට ජරාව දීලා හිර කූඩුවේ සිවිලිමේ ඇතුළේ බෝම්බය සෙට් කළා. ආමි එකෙන් පැනලා ආපු කොල්ලෙක් තමයි රිමෝට් එකෙන් ගේම දුන්නේ. ඒත් අශෝක එතැන මැරුණේ නැහැ. කළුබෝවිල ඉස්පිරිතාලෙට අරන් යනකොට අශෝකව බේරගන්න පුළුවන් තත්ත්වයක තමයි හිටියේ. ඒත් කොහොම හරි ඉස්පිරිතාලෙදි අශෝක මැරුණා.
විජය කුමාරණතුංගගෙන් පස්සේ මම දැක්ක වැඩිම සෙනඟ හිටියේ පාමංකඩ පොඩි අශෝකට. මුළු කිරුළපන, නාරාහේන්පිට පුරාම ඩබල් ඩබල් තොරණ ගැහුවේ. මැරුවාද, මැරුණාද කියලා. ඇන්ටන් ජෝන්ලා ඒ සිරාට, මේ සිරාට සින්දු ගැහැව්වා. ගහන්න ඕන මිනිහට ගැහැව්වේ නැහැ.

මරණෙට ආපු කට්ටිය අශෝකගෙ ගේ දැකලා පුදුම හිතුණා. එයා හිටියේ පාමංකඩ අලුවලවත්තේ ලෑලි ගහපු ගෙයක. හැබැයි ඒ කාලේ බිල්ඩින් 60-70 ගහන්න පුළුවන් බලයක් අශෝකට තිබ්බා. ඒත් අශෝක ඒ බලෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. කිරුළපනේ දහ දෙනෙක්ගෙන් ඇහුවොත් අශෝක ගැන දහදෙනාම හොඳ කියයි. අශෝක කියන්නේ ඒ වගේ පුදුම රත්‍රන් හදවතක් තිබ්බ චරිතයක්.

මාකඳුරේ මදුෂ්, කංජිපාන ඉම්රාන්, අංගොඩ ලොක්කා, පුල්ලපලම් අජ්මි, ජලිබර් සියාම්, ඕළු මරා, සන්ෂයින් සුද්දා, ජංගා, හයිබ්‍රිඩ් සුද්දා. මේ, පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මාධ්‍යවල නිතර ඇසුණු පාතාල නායකයන් බව පැවසෙන අයගේ නම් කිහිපයකි.

මේ අතරින් බොහෝ දෙනා පොලිසියට අවශ්‍යව සිටි පාතාල නායකයන් වූහ. මෙම පාතාල නායකයන්ගේ අන්වර්ථ නම් පිළිබඳවයි.
බොහෝ දෙනෙකු විසින් තමන්ගේ මිතුරන්ව ද එවැනි අන්වර්ථ නාමවලින් හඳුන්වනු ලැබීම දක්වා සමාජ මාධ්‍යවල එම කතාබහ පැතිරී ගියේය.
පාතාල නායකයන්ගේ අන්වර්ථ නම් බහුතරයක් ඔවුන්ගේ උපන්ගම හෝ ඔවුන් ක්‍රියාත්මක වන ප්‍රදේශය හා පටබැඳී ඇති බව පෙනේ.
උදාහරණයක් ලෙස මදුෂ්, මාකඳුරේ මදුෂ් ලෙස හැඳින්වෙන්නේ මාකඳුර ඔහු ජීවත් වූ ප්‍රදේශය වීම හේතුවෙන් බව පැවසේ.
හිටපු පාතාල නායකයන් වන බැද්දගානේ සංජිව සහ නාවල නිහාල් ද එලෙස තම උපන් ගම් මූලික කර ගනිමින් ඇති කර ගත් නම් වේ.
ඊට අමතරව ඔවුන් කළ රැකියා, අපරාධ, සහ ශරීරයේ හැඩය ඔවුන් හැසිරුණු ආකාරය ආදී කරුණු මෙම නම් පටබැඳීමට හේතු වී ඇති බව එම නම් ගැන සොයා බැලීමේදී පෙනී යයි.

පාතාල නායකයන්ට අමුතු නම් ඇයි?
මෙලෙස පාතාල නායකයන් අනවර්ථ නම් ගැන උනන්දුවක් දක්වන්නේ ජනතාව තුළ ඔවුන් ගැන ත්‍රාසයක් ඇති කිරීමේ අරමුණින් බව නම සඳහන් කිරීමට අකමැති වූ බන්ධනගාර නියාමකවරයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

"දැන්, චමින්ද රවී ජයනාත් කියන්නේ නැතුව දෙමටගොඩ චමින්ද කියලා කිව්වොත් පොඩි බයක් ඇති වෙනව නේ. ඕකට තමයි ඔහොම නම් දාගන්නේ. පාතාලේ කෙරුමෙක් වුණොත් නමක් තියෙනවා ඔහොම, මිනිස්සු බය කරගෙන නේ මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ." එම නිලධාරියා පැවසීය.
"සමහර ඒවා මේ අපි අපේ යාළුවන්ට කියනවා වගේ සුරතල් නාම, වැඩේ වෙන්නේ ඔවුන් ප්‍රසිද්ධ වෙන්නේ ඒ නමෙන්, ගොඩක් අයගේ ඇත්ත නම් කවුරුත් දන්නේ නැහැ." ඔහු පැවසුවේය.
ඇතැම් පාතාල නායකයන් තමන්ට පටබැඳි නම්වලට එතරම් කැමැත්තක් නොදැක්වූ බව ඔහු කියා සිටියේය.

සොත්ති උපාලි සහ පොට්ට නවුෆර් ඊට උදාහරණක් ලෙස දැක්වීය.
නම ගිය පාතාල නායකයන් කිහිප දෙනෙකුට අනවර්ථ නම් පටබැඳුණු ආකාරය ගැන බීබීසී සිංහල සේවයට හෙළි වූ කරුණුයි මේ.

1. කංජිපාන ඉම්රාන්
මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනීමත් සමග කතාබහට ලක්වූ නමකි, කංජිපාන ඉම්රාන්. කංජිපාන යන්න දෙමළ භාෂාවෙන් කැඳ හට්ටිය ලෙස පරිවර්තනය වේ. කංජිපාන ඉම්රාන් විසූ මාළිගාවත්තේ ප්‍රදේශවාසියෙකු පැවසුවේ, ඉම්රාන්ගේ පියා කැඳ විකිණීමේ නිරත වීම ඔහුට එලෙස නමක් පටබැඳීමට හේතු වී ඇති බවයි. ඉතිරි වන කැඳ හට්ටි තම නිවසට ගෙන යාම ඉම්රාන් විසින් සිදු කළ නිසා ඔහු ප්‍රදේශයේ කංජිපාන ඉම්රාන් ලෙස ප්‍රකට වී තිබේ. 2015 වසරේදී ඔහු ඩුබායි වෙත පැන ගොස් ඇත්තේ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සෙවීමත් සමගය.

2. වෙලේ සුදා
මෑත කාලයේ මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා හැඳින්විය හැකිය. තමන්ට වෙලේ සුදා යන නම ලැබුණේ කෙසේ දැයි ඔහුගෙන් වරක් අධිකරණයේදී ප්‍රශ්න කර තිබිණි. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ කුඩා අවදියේ සිට පවුලේ හිතමිතුරන් තමන්ව සුදා ලෙස හැඳින්වූ බවත් සිය නිවස ආසන්නයේ වෙලක් තිබීම හේතුවෙන් තමන් පසුකාලයේ වෙලේ සුදා බවට පත්වූ බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

3. සොත්ති උපාලි
1990 දශකයේ නම ගිය පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන සොත්ති උපාලි මෙරට නම ගිය අපරාධකරුවෙකු විය. උපාලි රංජිත් වන ඔහු සොත්ති උපාලි ලෙසින් ඔහුව ඇමතීම එතරම් ප්‍රිය නොකළ බව පැවසේ. ඔහුගේ එක් අතක පැවති අබාධිත තත්ත්වය නිසා ඔහුට සොත්ති උපාලි යන නම පටබැඳුණු බව වාර්තා වේ. පොලිස් නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1998 වසරේදී ඝාතනයට ලක් විය.

4. පොට්ට නවුෆර්
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින පාතාලයේ ප්‍රබලයෙකු ලෙස හඳුන්වන පොට්ට නවුෆර් ද ඔහුගේ පටබැඳි නාමයට කැමැත්තක් දැක්වූ අයෙකු නොවීය. පාතාල ගැටුමකදී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස අන්ධ වීම මොහමඩ් නියාස් නවුෆර් "පොට්ට නවුෆර්" වීමට හේතු වී තිබේ. බදුල්ල බන්ධනාගාරයේ දැනට රඳවා සිටින පොට්ට නවුෆර් එහි සිට තම කල්ලිය මෙහෙයවන බවට ද පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

5. වම්බොට්ටා
දකුණේ පාතාලේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන අජිත් වසන්ත හෙවත් වම්බොට්ටා 2000 වසරේ සිට 2006 වසර දක්වා සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූවෙකි. වම්බොට්ටා යන නම ඔහුට පටබැඳි තිබුණේ, ඔහු මුල් කාලයේ සූරියවැව වෙළඳපොළේ වම්බටු ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වීම නිසාය. 2006 වසරේ ඝාතනය වෙද්දී ඔහුට එරෙහිව ඝාතන නඩුවක් විභාග වෙමින් තිබිණි.

6. ආනමාළු ඉම්තියාස්
මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2000 වසරේ සිට විවිධ අපරාධ සිදු කළ බවට ප්‍රසිද්ධව සිටි පුද්ගලයෙකි, එම්.කේ. ඉමිතියාස් හෙවත් ආනමාළු ඉමිතියාස්. කෙසෙල් ව්‍යාපාර සිදු කිරීම නිසා ඔහුට මෙම නම පටබැඳුණු බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තවත් සමහරෙකු පවසන්නේ ඕනෑ ම ප්‍රශ්නයකින් ලිස්සා යාමට ඔහුට ඇති දක්ෂතාව නිසා ඔහුට 'ආනමාළු ඉමිතියාස්' යන නම පටබැඳුණු බවයි. වසර ගණනාවක් මාලිගාවත්ත ප්‍රදේශය පුරා අණසක පතුරවමින් සිටි ආනමාළු ඉම්තියාස් 2009 වසරේදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.

7. තෙල් බාලා
1990 දශකයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූවෙකු ලෙස කරුපයියා වාප්පුබාලන් හෙවත් තෙල් බාලා හැඳින්විය හැකියි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස තම ජීවිතය ආරම්භ කර ඇති ඔහුට තෙල් බාලා ලෙස නම ලැබෙන්නේ තෙල් කරත්තයක්‌ මිලදී ගෙන ගෙයින් ගෙට ගොස්‌ තෙල් විකිණීම සිය රැකියාව කර ගැනීමත් සමගය. පසුව එම ප්‍රදේශයේ තෙල් ව්‍යාපාරය ම ඔහුගේ අණසකට පත් වීම එම නම තවත් ජනප්‍රිය වීමට හේතු වී තිබේ. 90 දශකය අවසානයේ එල්.ටී.ටි.ඊ සංවිධානයට සහය දැක්වූ බවට චෝදනා කරමින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට තෙල් බාලා ඉන්දියාවට පැන යාමට සමත් විය. 2017 වසරේ ඔහු ඉන්දියාවේදී මරණයට පත් විය.

8. කිඹුලා ඇළේ ගුණා
සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා 90 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රකට අපරාධකරුවෙකු ලෙස පොලිසිය හඳුන්වයි. කිඹුලා ඇළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාලයට පිවිසි නිසා පාතාල ලෝකයේ ඔහුව හැඳින්වූයේ කිඹුලා ඇළේ ගුණා ලෙසිනි. 2008 වසරේ මොහු ඉන්දියාවට පැන ගිය අතර තවමත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලෙන බවට පොලිසිය සැක කරයි. පසුගිය වසරේ බලපිටිය මුහුදු තිරයේදී අත්අඩංගුවට පත්වූ හොරොයින් කිලෝග‍්‍රෑම් 231ට කිඹුලා ඇළේ ගුණාගේ සම්බන්ධතාවක් ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

9. කරාටේ ධම්මික
කඩුවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාල නායකයෙකු ලෙස ක්‍රියා කළ ධම්මික ප්‍රදීප් කුමාර, දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකු වීම නිසා කරාටේ ධම්මික නමින් හැඳින්වූ බව සැලකේ. කරාටේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමේ සම්මාන ද ඔහු දිනාගෙන ඇති බවට වාර්තා වන අතර එක වර කිහිප දෙනෙකුට පහර දීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස ඔහු හැඳින්වෙයි. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති කරාටේ ධම්මික 2011 වසරේදී අභිරහස් ලෙස අතුරුදන් විය.

10. රණාලේ සමයං
රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ මෑත කාලයේදී දැඩි කතාබහට ලක්වූ පාතාල නායකයෙකු ලෙස හැඳින්විය හැක. 2017 වසරේ කළුතරදී බන්ධනාගාර බසයක් තුළ සමයං ඝාතනය කළ අතර ඔහුට එරෙහිව ඒ වන විටත් අපරාධ චෝදනා ගණනාවක් විභාග වෙමින් තිබිණි. තමන් සමයං ලෙස හඳුන්වන්නේ "යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි" යනුවෙන් ඔහු ඝාතනයට ලක් වීමට පෙර පුවත්පතකට පවසා තිබිණි.

(උපුටා ගැනීමකි)

Post a Comment

0 Comments